iranama
කේන්ද්‍රරයේ රවි කොතනද?
මෙන්න පලාඵල
කේන්ද්‍රයක ආත්මකාරක හා පීතෘ කාරක ලෙස හදුන්වන රවි ග්‍රහයා, ජ්‍යෙdතිෂ ශාස්ත්‍රය සම්බන්ධව සිදුකරන කටයුතු වලදී මුල්කොට ගෙන සිදුකරනු ලබයි. ජීව බලය හා රෝගනාශක බලය හිරුගෙන් ලැබෙයි. එපමණක් නොව නිර්භීතකම, ප්‍රසිද්ධිය, ආත්මශක්තිය, ආත්ම ගෞරවය, ස්ථිර ප්‍රේමය හා චිත්ත වේගය ආදී සියලු උසස් ගතිගුණ සියල්ල ලැබෙන්නේ රවි ග්රහයාගෙනි. මනුෂ්‍ය ශරීරයේ හෘදය වස්තුව, කට ඇස්, මොලය, උගුර, ඇල දිව ඇට ආදියට අධිපති වේ. රවි ඒ ඒ රාශිවල ගමන් කරන විට, ඒ ඒ රාශීන්ගේ ගතිගුණ ප්රකටව පෙනේ. එමනිසා යම් පුද්ගලයෙකු උපදින විට රවි බලවත්ව, කේන්ද්‍රයේ බලවත් ස්ථානයක සිටියහොත්, ඔහුගේ ජීවිතයද බලවත් වේ.
ප්‍රථමයෙන් රවි ග්‍රහයා ලග්නයේ සිටියදී උපන් කෙනෙකුගේ ගතිලක්ෂණ කෙසේද යන්න බලමු. එනම් රවි ලග්නයේ සිටියදී උපන් කෙනෙකු සිටින්නේනම් ඔහු උද්යෝගවත් වේ. සෑම විටම පිබිදුනු ගතියෙන් යුන්ත වෙයි. කිසි විටෙක පසුබට නොවේ. යම් ස්ථානයකට පැමිණි විට අන්‍යයන්ට වඩා කැපී පෙනේ. රෝග අඩුවේ. ශරීරයේ උෂ්ණ අධික වේ. රවි ලග්නයේ බලවත්ව සිටීම ඉතාම යහපත් වන අතර ඉතා බලවත් වුවහොත් අධික ආඩම්බර ගතියක් පෙන්නුම් කරයි. ඔහුව කිසිකෙනෙකුට යටත් කළ නොහැක.
රවි දෙවැන්නේ සිටියදී උපන් තැනැත්තාගේ කථා බහුල වන අතර බලවත්නම් ඇස් දීප්තිමත්, යහපත් වන අතර දුර්වලනම් ඇස්වල ප්‍රශ්න ඇති කරයි. බොහෝ විට වස්තුව, සැප අඩුකරයි. විවාහයෙන් පසු, විවාහ ජීවිතයේ ගැටුම්කාරී තත්ත්වයක් උදාවෙයි. දෙවැන්න ස්වභාව වශයෙන් රවිට යහපත් ස්ථානයක් නොවන අතර, බලවත්නම්, යෝගයක් පිටනම් ඉතා යහපත් වේ.
රවි තුන්වැන්නේ සිටියදී උපන් පුද්ගලයෙක් වික්‍රමවන්ත වන අතර, රවි ග්‍රහයාට 3 වැන්න ඉතා යහපත් ස්ථානයකි.
බලයෙන්ද යුක්ත නම් ඉතා යහපත් වේ. උසස් අධ්‍යාපනය, පොත්පත් ලිවීමට යහපත් වේ. තවද නීරෝගිමත් වන අතර කරුණාවන්ත පුද්ගලයෙකු වේ. තවද රට ජාතිය වෙනුවෙන් කැපවී වැඩකරන්නෙක් වෙයි. ප්‍රසිද්ධිය ලබන උසස් මනුෂ්‍යයෙක් වන අතර මෙම පුද්ගලයන්ගේ සහෝදරියන්ට යහපත් නොවේ. නැතිනම් සහෝදරයන් අතර තමා ප්රකටයා වෙයි.
රවි හතරේ සිටීමද එතරම් ශුභ නැත.
මව්පිය නෑදැ විරෝධය ඇතිවේ. යහපත් නොවන ආකාරයටම සිටීනම් ජීවිතයේ අවසාන කාලයේ ගේ දොර, ඉඩකඩම් වල ප්‍රශ්න ඇති වේ. ශරීරයේ සැපවත් බව අඩුවේ. පිත් රෝග ඇති වේ. පව් කිරීමට භය නැත්තෙකු වේ. පවු කරන්නන් ආශ්‍රය කිරීමට බොහෝ කැමැත්තක් ඇත්තෙකු වෙයි. නමුත් රවි 4 වැන්නේ උච්චව, ස්වක්ෂේත්රව, නීචව සිටියහොත් මෙම ගති අඩුවී යහපත් අතට හැරේ. ජීවිතයේ අගකොටස බොහෝ දියුණුවී, ඉතා උසස් අන්දමින් ප්‍රසිද්ධියට පත්වෙයි.
රවි 5 වැන්නේ සිටියදී උපන්නේනම්, එම පුද්ගලයාට ඉතා සිහින් සිරුරක් හිමිවිය යුතු අතර, දරුඵල අඩුකරයි. නැතිනම් දරුඵල නොමැත. තම දරුවන් අකාලයේ මිය යන අතර, 5 වැන්නේ රවි සිටින පුද්ගලයන්ගේ අධ්‍යාපනය ඉතා යහපත් වේ. එනම් සියලු විද්‍යාවෙහි නිපුනයෙක් වෙයි.
රවිට 6 වැන්නද, 3 වැන්න මෙන්ම ඉතා බලවත් ස්ථානයකි. සතුරන් යටත් කරගත හැකි බලයක් මෙවැනි අයට උරුම වේ. තමාගේ දක්ෂතාවය හා සැපයෙන් දියුණු ප්‍රසිද්ධ කෙනෙකු වෙයි.
රාජකාරි වලට සුදුසු කෙනෙකු ලෙස පහසුවෙන් තෝරාගනු ලබයි. කාමාශාව අධික වේ. බලවත්ව සිටියහොත් නීරෝගිමත් ජීවිතයකි.
රවි 7 වැන්නේ සිටියදී උපන් තැනැත්තා අර්ශස් රෝගයට භාජනය වෙයි. මුත්‍රා රෝග හා ලිංග රෝග සෑදීමේ ප්‍රවණතාවය වැඩිය. විවාහය ප්‍රමාද වෙයි. නැතිනම් විවාහය ප්‍රශ්න ඇති කරයි. භාර්යාව හෝ ස්වාමියා ඉතා අහංකාර වෙයි. දෙදෙනා අතර බොහෝ විට වාද විවාද ඇති කරයි. වස්තු හානිය හෝ ධන හානිය රවිගේ තත්ත්වය අනුව සිදුවෙයි. අනන්‍යයන් සමඟ හවුලේ කටයුතු කිරීම අසීරු වෙයි. 7 වැන්න රවිගේ බලය අඩු ස්ථානයකි. රවි බලවත් නම් ඉතා යහපත් වෙයි.
8 වැන්නේ රවි සිටියදී උපන් අය නිරන්තරයෙන්ම දුක්කරදර වලට භාජනය වේ. අට හතෙන් දෙවැන්න බැවින් එය විවාහයේ ධන ස්ථානය වේ. විවාහයෙන් දායාද ලැබීම හෝ නොලැබීම, හවුල් වැඩ වලින් ලාභ ලැබීම හෝ නොලැබීම, 8 වැන්නේ සිටින රවිගේ තත්ත්වයට අනුව බැලිය යුතුවේ. ජීවිතයේ මධ්‍යම වයස ශුභ නැත. ලෙඩ රෝග පහසුවෙන් ඇතිවෙයි. මරණයද රවිගේ තත්ත්වය අනුව සිදුවේ. කෙලෙහිගුණ නොසලකන, මුල් ඥතීන් පිළිබඳව නොසලකා ගති පැවතුම් ඇත.
රවි ග්‍රහයා 9 වැන්නේ සිටියදී
පියාට තමා ඉතා සමීප, හිතවත් කමක් ඇත. බොහෝ විට විවාහය පියාගේ අදහස් වලට එකඟ නොවේ. උසස් අධ්‍යාපනය, තියුණු ඥනය, විදේශයන් වල සංචාරය, ඇති කරයි. තමා පවුලේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. අමරණීය නාමයක් ඉතිරි කර මියයයි. බොහෝ විට මෙවැනි පුද්ගලයන් ඉතා ගුණයහපත් අය වෙති. රවි 9 වැන්නේ නීච වීම ඉතාම අයහපත් කරුණකි.
10 වැන්නට රවි ඉතා යහපත් වේ. ඉර මුදුන්වන වේලාවේ උපන්නේනම් රවිගෙන් ලැබිය යුතු සියලු බලය ලැබේ. බලවත්ව සිටියහොත් ඉතා යහපත් වේ. සියලු ජය, උසස් තනතුරු, ප්‍රසිද්ධිය, කීර්තිය, ලෞකික සැප සම්පත්, නම්බුනාම ලැබේ. ඥනවන්ත වේ. සතුරුව පාපයන්ට පමණක් පෙනී සිටීනම් මෙම ගති අඩුවෙයි. නපුරු ක්‍රියා ඇත්තෙක් වෙයි.
රවි 11 වැන්නේ සිටීමෙන් සියලු අරිෂ්ට යෝග භංග වෙයි. උසස් මිතුරන් ඇතිකරයි. ඔවුන්ගෙන් විශාල ලෙස උදව් උපකාර ලැබෙයි. රවි බලවත්ව 11 වැන්නේ සිටීනම් ධනවත් වෙයි. උසස් අයගෙන් හා වැඩිහිටියන්ගෙන් උදව්, උපකාර ලැබෙයි. යන යන ස්ථානවල පිළිගනී. ලෞකික දියුණුවට ඉතා යහපත් වේ. මේ දේවල් හානි කරන්නේ ඉතාම දුර්වලව, සතුරු වී සිට පාපයන් හා එක්ව හෝ පාප දෘෂ්ටි ලැබ සිටියොත් පමණි.
12 වැන්නේ රවි සිටියදී ජීවිතයේ මුල් කාලයට වඩා පසුකාලය ප්‍රසිද්ධ වෙයි. වස්තු හානි කරයි. රවිගේ දසාවේදී නඩු හබ වලට පටලවයි. නිකරුනේ මුදල් වියදම් කරයි. විදේශයන් වල ඇවිද්දවයි. එමගින් පසු කාලයේදී පල ලබයි. වම් ඇසේ පවතින රෝග ඇතිවේ. බාප්පලාට හිතවත් වේ. මිනිසුන් කෙරෙහි අධික අනුකම්පාවෙන් පුණ්‍ය කටයුතු කිරීමට සලස්වයි. රෝගීන්ට උපස්ථාන කිරීම, ආරෝග්‍යශාලාවලට උදව් කිරීම, බන්ධනාගාර ගතවූවන්ට සංග්‍රහ කිරීම ආදියට ඉදිරිපත් වේ. බල අඩුව සිටියහොත් තමාද බන්ධනාගාරගත වේ. රවි ග්‍රහයා ඉහත ස්ථාන වල පිහිටීම තුලින් ඉහත ප්‍රතිඵල ලැබෙන්නා සේම, වෙනත් ග්‍රහයන්ගේ දෘෂ්ටි, යෝගවීම් මගින් හා පිහිටි රාශීන්, නවාංශක, නැකැත් ආදිය පරීක්ෂාකර ඉහත පලාඵල තීරණය කලයුතු වේ.
වැඩි විස්තර සදහා 0718602525, 0115248187.
* ජ්‍යෙතිෂවේදී විද්‍යාවේදී ගෝඨාභය මුදලිගේ
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks